1958 දෙසැම්බර් මස 31 වනදා උදේ 8.05 ට සිසුන් 46 කින් මෙම පාසල ආරම්භ කරන ලදි.අලුත් පාසැල් ගොඩනැගිල්ල මෙදින වන තුරු සාදා නොමැති හෙයින් ඉගැන්වීම ආරම්භ කරන ලද්දේ මීගහවෙල ශ්‍රී සෙනරත් මුදලින්දාරාමයේ ධර්මශාලාවෙ ය.ශුභ මොහොතින් අකුරු කියවන ලද්දේ ශාස්ත්‍රාභිකාමිවාදී කඩවැද්දුව පේමරතන මහතා විසිනි.
පන්සලක් ආශ්‍රෙයන් පාසලක් පැවැත්වීමේ ප්‍රෙය්ජනය හා සෑම ගම් වැසියකුම එකසේ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් පාසල දියුණු කරගත යුතුබවත් පාඨශාලාචාර්ය ජේ.පී.ජයවර්ධන මහතා විසින් ප්‍රකාශ කරන ලදි.ඉක්බිති එචි.ඇල්.පෙරේරා මහතා සහ ගම්පති දොන් විජේසේකර මහතා පාසල වෙනුවෙන් හැම උදව්වක්ම කරන බව පුද්ගලික පරිත්‍යාග කරමින් පැවසූහ.
මූලාසනයේ කතාව කළ පූර්වකන විහාරාධිපති ධර්මාචාර්ය කුඩාහීල්ලේ ශ්‍රී ධම්මපාල පඥ්ඥාභීරාභිධාන ස්වාමිපාදයන් වහන්සේ ගමේ බාල පරපුරේ දියුණුව පිණිස පාසල සඳහා තමා ඉඩම පරිත්‍යාග කළ බවත් එපමණක් නොව වෙනත් උපකාර කළ බවත් තවදුරටත් උපකාර කරන බවත් පවසා ගමත් පන්සලත් සර්වප්‍රකාරයෙන්ම දියුණු වේවායි පැතූහ.මසකු තරම් වූ සුළු කාලයක් තුළ පළාත් වාසීන් ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා දැරූ උත්සාහය ල්‍රශංසා සහිතය.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 15ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 3කින් සමන්විතය. පනස් දෙකක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "නිපුණතා සපිරි පිරිපුන් දරුවෙකු ලොවට දායාද කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1958 දෙසැම්බර් 31 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
46 |
|
මුල් ගුරුතුමාගේ නම |
ජේ.පී.ජයවර්ධන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
කඩවැද්දුව පේමරතන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
හ/මීගහවෙල කනිෂ්ඨ විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඇච්.ඇල්.පෙරේරා මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1960 දෙසැම්බර් 31 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මීගහවෙල ශ්‍රී සෙනරත් මුදලින්දාරාමයේ ධර්මශාලාව. |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
කඩවැද්දුව පේමරතන මහතා |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
කඩවැද්දුව පේමරතන මහතා |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1958 දෙසැම්බර් 31 |